වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය සමාව ගැනීමට සූදානම්

ශ්රී ජයවර්ධනපුර රෝහලේ සේවයේ නියුතුව සිටි විශේෂඥ වෛද්ය මහේෂි විජේරත්නගේ දියණිය වූ හේමාලි විජේරත්න අල්ලස් කොමිසම හමුවේ තමා කොන්දේසි විරහිතව සමාව අයැදීමට සූදානම් බව කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට අද (06) දැනුම් දී ඇත.
එලෙස ඈ කොන්දේසි විරහිත සමාව අයැදීමක් සඳහා දැනුම් දී ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරින්ට මරණීය තර්ජන කිරීමේ සිදූවීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළවයි.
ඒ අකාරයට සමාව ගත් බවට දැන්වීමක් පළ කිරීමට වුවද තමා සූදානම් බව දැන් වූ සැකකාරිය, වැඩිදුර අධ්යාපනය සඳහා තමා බ්රිතාන්ය විශ්වවිද්යාලයට යාමට නියමිතව ඇති බැවින් තමන්ට එරෙහිව පැවැත්වෙන මෙම විමර්ශනය සමතයකට පත්කර දෙන මෙන් ද අධිකරණයෙන් ඉල්ලා සිටි බව සැලය.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website