සෑම සෙනසුරාදා දිනකම රාත්‍රි 7 සිට රාත්‍රි 12 දක්වා වෙළඳ පොලක් සහ සංගීත සංදර්ශනයක් මහනුවර නඟරය තුළ පැවැත්වීමට රජය සැලසුම් කොට ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා පවසා සිටිනවා. සංචාරක ආකර්ෂණය සහිතව නිර්මාණය කිරීමට සැලසුම් කොට ඇති සංගීත රාත්‍රිය සහිත මෙම වෙළඳ පොල, කොටු ගොඩැල්ල සහ මහනුවර දළදා වීදිය ආවරණය වන ආකාරයට පැවැත්වීමට නියමිතය.
එහි නියමු ව්‍යාපෘතිය අගෝස්තු මස 16, 23 සහ 30 යන දිනවල ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ද ආණ්ඩුකාරවරයා සඳහන්කර සිටියේය.
දමයන්ති








