අනවසර විදුලි රැහැන්වල ගැටී පුද්ගලයින් දෙදෙනක් ජීවිතක්ෂයට – වගාව රැක ගැනීමට පියා විසින් යෙදු විදුලි රැහැනට පුතා බිළි

2026.11.27 දින දිවා කාලයේ විදුලි සැර වැදී මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව නිකවැරටිය පොලිස් ස්ථානයෙන් සහ තෙල්දෙණිය පොලිස් ස්ථානයෙන් තොරතුරු වාර්තා වේ.

නිකවැරටිය පොලිස් වසමේ දළුක්ගොල්ල ප්‍රදේශයේදී 48 හැවිරිදි පුද්ගලයෙකු වගා ඉඩමක අනවසරෙන් යොදන ලද විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්වී ඇති අතර තෙල්දෙණිය පොලිස් වසමේ හලියද්ද ප්‍රදේශයේදී 51 හැවිරිදි පුද්ගලයෙකු ඔහුගේ පියා විසින් වගාව ආරක්ෂා කිරීම සඳහා අනවසරයෙන් යොදන ලද විදුලි රැහැනක ගැටීමෙන් මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයින් පිළිවෙලින් ගලගෙදර සහ මැදමහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්ය. නිකවැරටිය පොලිස් ස්ථානය විසින් සහ තෙල්දෙණිය පොලිස් ස්ථානය විසින් මෙම සිද්ධීන් සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website