රත්ගම ක්‍රීඩාංගනයකදී හිටපු යුධ හමුදා නිලධාරියා වෙඩි තබා ඝාතනය කිරීමට සැක තිදෙනෙක් අත්අඩංගුවට

2026.11.26 වන දින රත්ගම පොලිස් වසමේ මලියදූව ප්‍රදේශයේ ක්‍රීඩාංගනයකදී වයස අවුරුදු 47 ක් වූ රිච්මන්කන්ඳ, ගාල්ල ප්‍රදේශයේ පදිංචි හිටපු යුධ හමුදා නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව මේම අපරාධය සිදු කිරීම සම්බන්ධව අවශ්‍යකර සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (28) ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන රත්ගම පොලිස් ස්ථා වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 31, 38, හා 41 වයස්වල පසුවන ගිංතොට, මාගල්ල හා ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා රත්ගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website