සයිබර් අපරාධ ඇතුළු අපරාධ මැඩලීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමක්

පැමිණ සිටින රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සන් (Aleksander Gutsan) මහතා අතර හමුවක් 2026.11.26 (ඊයේ) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.

දුෂණය, සයිබර් අපරාධ මර්දනය ඇතුළු අපරාධ මැඩපැවැත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමකට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සන් මහතා අතර අත්සන් කිරීමද මෙහිදී සිදු විය.

දූෂණය, සයිබර් අපරාධ සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම දෙරටටම පවතින ප්‍රධාන අභියෝගයක් බැවින් ඒ වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බව රුසියානු ප්‍රධාන අභිචෝදක ජනරාල්වරයා එහිදී සඳහන් කර තිබේ.

නවීන තාක්ෂණය භාවිතයෙන් සිදුවන සයිබර් අපරාධ, දූෂණ විරෝධී කටයුතු සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම ඇතුළු නීති විරෝධී කටයුතු මර්දනය සඳහා නවීන තාක්ෂණික සහාය ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කර ඇත.

නවීන තාක්ෂණය භාවිතයෙන් සිදුවන සයිබර් අපරාධ, දූෂණ, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා තොරතුරු හුවමාරු කර ගැනීම සහ තාක්ෂණික පුහුණුව ලබාදීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බව ද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website