ශ්‍රී ලංකාවේ 10%කට අඝාතය – රෝහල් ගත වීම් ඉහළ ගියත් රෝහල් වල ප්‍රමාණවත් පහසුකම් නොනැති බවට හෙළිදරව්වක්

පසුගිය වසර 10 තුළ රැස් කරන ලද දත්ත විශ්ලේෂණය කිරීමෙන් රට තුළ ආඝාත රෝගීන්ගේ ඉහළ යන ප්‍රවණතාවය තහවුරු වී ඇති බව මහාචාර්ය රණවක සඳහන් කළේය.

ආඝාත රෝගීන් රෝහල්ගත කිරීම්වල සැලකිය යුතු වැඩි වීමක් ද ඔහු සඳහන් කළ අතර, ශ්‍රී ලංකාවේ වාර්තා වන ආඝාතවලින් ආසන්න වශයෙන් සියයට 75ක් මොළයේ රුධිර නාල අවහිර වීම නිසා ඇති වන අතර එය ඉස්කිමික් ආඝාතය ලෙස ඔහු හැඳින්වීය.

පසුගිය දා ජාතික ආඝාත සංගමය විසින් විධානය කරන ලද මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්ය රණවක මහතා මෙම අදහස් පළ කළේය.

“ශ්‍රී ලංකාව කලාපය තුළ සාපේක්ෂව ඉහළ ආඝාත ව්‍යාප්තියක් ඇති බව අප විසින් හඳුනා ගෙන තිබෙනවා. සමීක්ෂණයට ලක් කරන ලද ප්‍රජාවන්හි සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ ආඝාතයට ගොදුරු වී ඇති බව අපේ පර්යේෂණ සොයා ගැනීම්වලින් පෙනී යනවා. මෙහි ඇති අනතුර වන්නේ මෙපමණ පිරිසක් අඝාතයට ලක් වුව ද රට තුළ විශේෂිත ආඝාත ඒකක හිඟයක් පැවතීමයි. ශ්‍රී ලංකාව පුරා දැනට ඇත්තේ එවැනි ඒකක 10ක් පමණයි. මෙය කිසිසේත් රටේ අඝාත රෝගීන්ගේ සංඛ්‍යාවට ප්‍රමාණවත් නැහැ. අඝාත රෝගීන්ට කාලෝචිත හා සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම සහතික කිරීම සඳහා අවම වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම සහ ප්‍රධාන රෝහලකම එකක්වත් ස්ථාපිත කළ යුතුයි.

ඒ වගේම අපි තවත් වැදගත් කරුණක් ගැන අපේ අවධානය යොමු කළ යුතුයි. විශේෂිත ඖෂධ ඇතුළු මුල් අවධියේ ආඝාත ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය පහසුකම් සහ සම්පත් රෝහල් කිහිපයක තවමත් නොමැති බව අපට නිරීක්ෂණ වුණා. ආඝාත රෝගීන්ට වඩා හොඳ ප්‍රතිකාර ලබා දීම සඳහා මෙම පහසුකම් පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website