එළඹෙන උත්සව සමයේදී වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් ඊයේ (23) වෙළෙඳ අමාත්‍යාංශයේ දී විෂයභාර අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ පිටකොටුව තොග වෙළෙඳ සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, වර්තමාන වෙළෙඳපොළේ පවතින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සහ සැපයුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ආනයනකරුවන් පෙන්වා දුන්නේ, ‘එල් නිනෝ’ (El Niño) කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ ලූණු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, දැනටමත් ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට දරාගත හැකි සාධාරණ මිලකට ලබා දීමේ අත්‍යවශ්‍යතාව අමාත්‍යවරයා විසින් මෙහිදී දැඩිව අවධාරණය කරන ලදී.
තව ද, ‘එල් නිනෝ’ වැනි ස්වභාවික තත්ත්වයන් අවස්ථාවාදී ලෙස භාවිත කරමින් අසාධාරණ ලෙස භාණ්ඩ මිල ඉහළ දැමීමෙන් වළකින ලෙසද වෙළෙඳ ප්‍රජාව වෙත අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් දැනුම් දුන්නේය.
උත්සව සමයේ අල, ළුෑණු හා පරිප්පු මිලෙහි වැඩිවීමක් සිදුනොවන බවත්, ඉදිරියේදී එම ආහාර මිල ගණන් තවදුරටත් පහළ යා හැකි බවත් මෙහිදී ආනයනකරුවන් පැවසීය.
වියළි මිරිස්වල තෙතමනය මට්ටම පිළිබඳ හා ප්‍රමිතිය සම්බන්ධයෙන් දැනට පවතින ගැටලුකාරී තත්ත්වයට කඩිනම් විසඳුම් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේදී හා ආහාර සුරක්ෂිතතා කමිටුවේදී අවශ්‍ය සාකච්ඡා පවත්වන බවට ද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
















