විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ හෙට සංකේත වැඩ වර්ජනයක

2025 අයවැය යටතේ කප්පාදු කරන ලද වැටුප්, අතිකාල ගෙවීම් සහ අනෙකුත් දීමනා නැවත ලබා දෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය හෙට (25) තවත් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දාබරේරා පැවසුවේය.

පසුගිය 18 වැනි දා ද විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් දියත් කළේය.

2025 අයවැය යටතේ අඩු කරන ලද වැටුප්, අතිකාල ගෙවීම් සහ අනෙකුත් දීමනා නැවත ලබා දෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

හෙට දියත් කිඒීමට නියමිත සංකේත වැඩ වර්ජනය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් දාබරේරා මෙසේ පැවසීය. “අපි කිසිම තත්වයක් යටතේ තවත් වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින්නේ නැහැ. 2025 අයවැය යටතේ කප්පාදු කිරීමට පෙර අපට ලැබෙමින් තිබූ වැටුප්, දීමනා සහ අතිකාල ගෙවීම් යථා තත්ත්වයට පත් කරන ලෙස පමණයි අපි රජයෙන් ඉල්ලා සිටින්නේ”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website