සමස්ත විද්‍යාල පද්ධතියම හෙට එක් දින වැඩ වර්ජනයක සහ විරෝධතා ව්‍යාපාරයක

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම හෙට (නොවැම්බර් 25 වන බදාදා) එක්දින වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත පවසයි.

දෙසැම්බර් 1 සහ 2 යන දිනවල සංකේත වැඩ වර්ජනයක් සමඟ ප්‍රධාන විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

ප්‍රියන්ත මහතා පැවසුවේ සැලසුම් කර ඇති ක්‍රියාමාර්ගයට දිවයින පුරා විශ්ව විද්‍යාල පද්ධතිය සම්බන්ධ වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website