වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් තිස්සේ සේවය කළ සේවකයින් 137 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්රදානය කිරීම ඊයේ (23) පරිසර අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දෛනික වැටුප් පදනම මත සේවය කරමින් සිටි මෙම සේවකයින් පිරිසට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා දීර්ඝ කාලයක සිට විවිධ පරිපාලන හා නීතිමය බාධාවන් පැවතිණි.
2009 වර්ෂයේ සිට විවිධ අවස්ථාවලදී බඳවාගත් සේවකයින් 279 දෙනෙකුගේ සේවා ස්ථිර කිරීම සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලු නිරාකරණය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව පියවර ගනු ලැබීය. ඒ අනුව, අදාළ සේවකයින්ගේ සේවා ස්ථිර කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු අදාළ ආයතන සමඟ සාකච්ඡා සහ පරිපාලන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කෙරිණි.
මෙහිදී මූලික වශයෙන් සේවකයින් 136 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීමට අවශ්‍ය අනුමැතිය හිමිවූ අතර, ඒ අනුව ඔවුන්ට ස්ථිර පත්වීම් ප්රදානය කිරීම ද සිදු විය.
එමෙන්ම, ඉතිරි සේවකයින්ගේ සේවා ස්ථිර කිරීම සම්බන්ධයෙන් පවතින පරිපාලන හා නීතිමය ගැටලු නිරාකරණය කරමින් ඔවුන්ට ද සාධාරණ විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතී.
වසර ගණනාවක් පුරා වනජීවී සම්පත ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී සේවය කළ මෙම සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීම, ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරැකීම සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මානව සම්පත් ශක්තිමත් කිරීම සඳහා ගත් වැදගත් ඉදිරි පියවරක් ලෙස මෙම අවස්ථාව සැලකිය හැකිය.
ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවන නිලධාරීන්ගේ හා සේවකයින්ගේ සේවා තත්ත්වය සහ වෘත්තීය සුරක්ෂිතභාවය ඉහළ නැංවීම සඳහා පරිසර අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු කරනු ඇත.










