ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා FinTech Forum ආයතනය විසින් සංවිධානය කරන ලද, ‘ශ්‍රී ලංකා FinTech Festival 2026’ සමුළුව සාර්ථකව නිමාවට පත්විය. දින දෙකක් පුරා පැවැති මෙම සමුළුව ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ පරිසර පද්ධතිය තුළ සංවාද, සහයෝගීතාව සහ නවෝත්පාදනයන් ඇගයීම සඳහා වූ වේදිකාවක් බවට පත්විය.
මූල්‍ය තාක්ෂණ, බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන, තාක්ෂණ, රාජ්‍ය සහ ව්‍යාපාර ප්‍රාග්ධන ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාම, නව අවස්ථා ගවේෂණය කිරීම සහ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සඳහා මෙම සමුළුව වැදගත් වේදිකාවක් බවට පත්විය.
මෙම උත්සවයේ ප්‍රධාන විශේෂාංගය වූයේ FinTech Night උත්සවය අතරතුර පැවැති පළමු ශ්‍රී ලංකා FinTech Awards 2026 සම්මාන උළෙලයි. නිල දැනුම් සහකරු ලෙස කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) විසින් කළමනාකරණය කරන ලද මෙම සම්මාන උළෙලේදී කාණ්ඩ 10ක් යටතේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ට දායකත්වයන් සහ නව්‍ය විසඳුම් ඇගයීමට ලක් කෙරිණි.
ඒ අතර, LankaPay (Pvt) Ltd ආයතනයේ GovPay සේවාව ‘ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රයේ හොඳම පාරිභෝගික අත්දැකීම’ (Best Customer Experience in Digital Finance) සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක් විය. රාජ්‍ය සේවාවන් සඳහා ගෙවීම් සිදු කිරීමේදී පුරවැසියන්ට වඩාත් පහසු, ප්‍රවේශ විය හැකි සහ බාධාවකින් තොර අත්දැකීමක් ලබා දීම සඳහා GovPay මගින් සිදු කරනු ලබන පරිවර්තනීය දායකත්වය මෙම ඇගයීමෙන් පිළිබිඹු වේ.















