ඤාණසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ආකාරයේ වෙනසක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් පැවිදි වස්ත්‍රාභරණයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

පෙත්සම විභාගයට ගෙන අවසන් තීරණයක් ගන්නා තෙක්, ඤාණසාර හිමියන් මාධ්‍යයට හෝ මහජනතාවට සිවිල් ඇඳුමින් හෝ බන්ධනාගාර ඇඳුමින් සැරසී හෝ මාංචු දමා ඉදිරිපත් කිරීමෙන් බලධාරීන්ට වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද එම පෙත්සම තවදුරටත් ඉල්ලා සිටී.

ආචාර්ය බී.ඒ.රත්නපාල මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website