සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති කිහිපයක් ඉවත් කිරීමට යෝජනා කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධානවල ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට මේ බව දැනුම් දුන්නේය.
ඔහු වැඩි දුරටත් ද ප්‍රකාශ කළේ බුද්ධිමය දේපළ උල්ලංඝනය කිරීම් යටතේ ප්‍රකාශන හිමිකමට අදාළ වැරදි ද යෝජිත පනත් කෙටුම්පතෙන් ඉවත් කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් රඳවා තබා ගැනීම සහ රැඳවුම් නියෝග නිකුත් කිරීම සම්බන්ධ සංශෝධන පසුව සලකා බලන බව ද සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.















