දිවයින පුරා සංවර්ධන නිලධාරීන් අද ලෙඩ නිවාඩු

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා සංවර්ධන නිලධාරීන් අද (09) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කළ බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.

සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් බලධාරීන්ගේ අවධානයට අවස්ථා කිහිපයකදී යොමු කළ ද ඒවාට විසඳුම් ලබා දීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවට බලධාරීන්ට චෝදනා කළ මුණසිංහ මහතා ඉදිරියේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ද සිදුවනු ඇති බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website