කෘෂිකාර්මික කටයුතු සඳහා බදු පදනම මත ලබාදී ඇති නමුත් අදාළ අරමුණු සඳහා භාවිත නොකරන ඉඩම් යළි රජයට පවරාගෙන , ඒවා ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා උපදෙස් ලබාදී තිබේ.
රජයට අයත් කෘෂිකාර්මික ඉඩම් විවිධ වගා ව්‍යාපෘති හා කෘෂිකාර්මික ආයෝජන සඳහා බදු පදනම මත පුද්ගලයන්ට සහ ආයතනවලට ලබාදී ඇත. එහෙත් එලෙස ලබාගත් ඇතැම් ඉඩම් අපේක්ෂිත කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා නොගෙන අක්‍රීයව පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු වී තිබේ.
මෙවැනි ඉඩම් හඳුනාගෙන, අදාළ බදු ගිවිසුම්වල කොන්දේසි සහ නීතිමය ක්‍රියාපටිපාටි අනුව ඒවා නැවත පවරාගැනීමටත්, එම ඉඩම් වගා කිරීමේ හැකියාව සහිත පාර්ශ්වයන්ගේ ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා යොමු කිරීමටත් අවධානය යොමු කෙරේ.
කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් ලබාදී ඇති ඉඩම් නිසි ප්‍රයෝජනයකට නොගෙන දීර්ඝ කාලයක් අක්‍රීයව පවත්වාගෙන යාමෙන් රටේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට ඇති අවස්ථා අහිමි වේ.
එබැවින් එවැනි ඉඩම් නැවත ඵලදායී ආර්ථික කටයුතු සඳහා යොමු කිරීමෙන් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම, නව ආයෝජන අවස්ථා ඇති කිරීම සහ ග්‍රාමීය ජනතාවට නව ආදායම් මාර්ග උදාකරදීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අපේක්ෂාවයි.
දැනට හදුනාගත් බදු පදනම මත ලබාගෙන වගා නොකර සිටින පුත්ගලයන් 135 දෙනෙකු හදුනා ගෙන ඇති අතර ඔවුන්ගේ ඉඩම් නැවත ලබා ගෙන ඵලදායී කෘෂිකාර්මික කටයුතු සදහා ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇත.
රජයේ කෘෂිකාර්මික ඉඩම්වල සැබෑ වටිනාකම ඇත්තේ ඒවා බදු පදනම මත ලබාගෙන රඳවා තබාගැනීම තුළ නොව, රටේ නිෂ්පාදනයට සහ ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබාදීම තුළ බව මෙම වැඩපිළිවෙළ මගින් අවධාරණය කෙරේ.
















