ICC නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් වේ: ශ්‍රී ලංකාව සිටින්නේ කොතැනද ?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පසුගිය දා 2026 ඔක්තෝබර් මාසයට අදාළ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ඇතුළු ශ්‍රේණිගත කිරීම් නිකුත් කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පසුගිය දා නිකුත් කළ නවතම පිරිමි ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව හත්වන ස්ථානය දක්වා පහත වැටී ඇත.

දකුණු අප්‍රිකාව මුල් ස්ථානය ද පිළිවෙළින්, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, එංලගන්තය, සහ බංග්ලාදේශය මුල් ස්ථාන හය දිනා ගෙනන ඇත.

ශ්‍රී ලංකාවට පසුපසින් බටහිර ඉන්දිය කොදෙව්, පාකිස්ථානය සහ සිම්බාද්වේ සිටී.

මේ අතර එක්දින ශ්‍රේණිගත කිරීම් අතර ද ශ්‍රී ලංකාව 07 වන ස්ථානයට පත්ව ඇත. ඉන්දියාව පළමු වන ස්ථානයේ පසුවන අතර දෙවන තැන නවසීලන්තය ද තෙවන ස්ථානය දකුණු අප්‍රිකාව විසින් ද දිනාගෙන ඇත.

සිවුවන ස්ථානයේ පාකිස්ථානයත්, පස්වන ස්ථානයේ ඔස්ට්‍රේලියාව සහ හය වන ස්ථානයේ ඇෆ්ගනිස්ථානය ද පසුවේ.

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අතර ශ්‍රී ලංකාව 09 වන ස්ථානයේ පසුවන අතර පළමු ස්ථානය එංලගන්තයත්, දෙවන ස්ථානය ඉන්දියාවත්, තෙවන ස්ථානය ඔ්ස්ට්‍රේලියාවත් දිනාගෙන ඇත.

ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අතර කමිදු මෙන්ඩිස් 10 වන ස්ථානයේ සහ දිනේෂ් චන්දිමාල් 14 වන ස්ථානය දිනා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website