කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් ඔක්තෝබර් මස 21 වන දින පෙ.ව. 10.15 වන තෙක් වලංගු වන පරිදි අද (21) දින ප.ව. 04.15 ට නිකුත් කරන ලද රළු මුහුදු ප්රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනය.
කන්සන්තුරය සිට කල්පිටිය, කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං (පැයට කිලෝ මීටර් 60-70 දක්වා) ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකිය.
එබැවින් එම මුහුදු ප්රදේශවල ධීවර කටයුතු වල යෙදෙන ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.













