තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඔක්තෝම්බර් මස 22 වන දින පෙ.ව. 5.30 දක්වා වලංගු වන පරිදි අද (21) පෙ.ව. 5.30 ට නිකුත් කරන ලද තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (21) දින සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website