කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අද (21) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.
ශ්රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 24 ක කාලය තුල අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (21) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ: සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශා වලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.
මුහුදේ ස්වභාවය: දිවයින වටා වන මුහුදු ප්රදේශ මඳ වශයෙන් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.













