දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද (19) සිය සහතිකය සටහන් කළේය.
මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026.08.19 දින ගරු අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යතුමිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර පනත් කෙටුම්පත සම්බන්ධව 2026.10.08 වැනි දින දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර, එහිදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
ඒ අනුව මෙම පනත මගින්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්රියාත්මක කිරීමේදී හඳුනාගෙන ඇති නීතිමය, අර්ථ නිරූපණය සම්බන්ධ, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු, සිංහල සහ ඉංග්රීසි පනත් පාඨ අතර පවතින නොගැළපීම්, දූෂණ වැරදි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේ සහ නඩු පැවරීමේ ගැටලු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු මෙන්ම මධ්යගත ඉලෙක්ට්රොනික පද්ධතියක් ඔස්සේ වත්කම් හා බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීමේ ක්රියාවලිය වඩාත් විධිමත් කිරීම අරමුණු කෙරේ.
මෙම සංශෝධන මඟින් දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්රී ලංකාවේ පවතින නීතිමය හා ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දූෂණ විරෝධී පනත ඵලදායීව, විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුතුව ක්රියාත්මක කිරීම සහතික කිරීමටත් අපේක්ෂිතය.
ඒ අනුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 25 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.










