අල්ලස් කොමිෂම අධිකරණය හමුවේ ප්‍රකාශ කළ ආකාරයට එයාර්බස් ගනුදෙනුව තුළ සිදු වූ බව කියන අල්ලස් ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන අවසන් වීම සහ නාමල් රාජපක්ෂ මහතාගේ දෙමාපියන් රෝහල් ගත කිරීම ‘සුවිශේෂ’ කරුණක් ලෙස නොසැලකිය හැකි බැවින් විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබා දීමට හැකියාවක් අධිකරණයට නොමැති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පැවසුවේය.
ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔහු ලබන 27 වන දා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තබන ලෙසත් නියෝග කළේ ය.
SriLankan ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරි කැඳවන ලදි.
නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා තම සේවාදායකයාට ඇප ලබා දෙන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඇප ඉල්ලීමට හේතු දක්වමින් ඔහු මෙසේ ද සඳහන් කළේය, “ස්වාමීනි, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු දැන් අවසන් වී තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. එම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙසත් ඔවුන් අගවිනිසුරුතුමාගෙන් ඉල්ලීමක් කිරීමට යන බවත් සඳහන් කළා. එම නිසා එම කරුණු සුවිශේෂී කරුණක් සේ සලකා ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. එසේ ම මෙම සැකකරුගේ මව සහ පියා රෝහල් ගතව සිටිනවා”.
විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර මහතා නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදීමට විරුද්ධවත්ය පළ කළේය.
විත්තියේ සහ පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර නාමල් රාජපත්ෂ මහතා ලබන 27 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.
එසේම සැකකරුට එරෙහිව නොපමාව නඩු පවරා ඒ බව තම අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී අල්ලස් කොමිසමට නියෝග කළේ ය.











