සමගි ජන බලවේගය සෑම අවස්ථාවකදීම සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය සහ ගරුතර මහා සංඝරත්නයේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, කඹුරුපිටිය, සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානය ඇතුළු විහාර ගණයෙහි විහාරාධිපති, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ධුරන්දර අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති, අතිපූජ්‍ය ඕමාරේ කස්සප මහානායක හිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ දීය.
විපක්ෂ නායකවරයා වර්තමානයේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය සහ ගරුතර මහා සංඝරත්නය සම්බන්ධයෙන් රට තුළ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව උන්වහන්සේ සමඟ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු ගත්තේය.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත්, ගරුතර මහා සංඝරත්නයේ ගෞරවය හා සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම සේම සෙසු ආගම් ජාති සහ සංස්කෘතීන්ට අයත් අනන්‍යතාවන්ට ගරු කිරීම සමාජයේ සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවත් සමගි ජන බලවේගය සෑම අවස්ථාවකදීම සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය සහ ගරුතර මහා සංඝරත්නයේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින බව ද විපක්ෂ නායකවරයා ඕමාරේ කස්සප මහානායක හිමිපාණන් සමඟ පැවසුවේය.











