ඩොලර් මිලියන 25ක් වංචනික ලෙස රටින් පිටකිරීමේ වංචාව: පුද්ගලික සමාගමක විධායක නිලධාරියෙකු අත්අඩංගුවට

ඇමරිකානු ඩොලර් මිලියන 25ක් (රු. බිලියන 7.5 ක්) වංචනික ලෙස මෙරටින් බැහැර කළ අපරාධයක් සම්බන්ධය විමර්ශන සිදුකරන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එම අපරාධයට සම්බන්ධ එක් සැකකරුවෙකු ඊයේ (07) සවස කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීරණයක් අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු පුද්ගලික සමාගමක විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කරන්නෙකි.

මෙරට ලියාපදිංචි සමාගම් 89 ක් විසින් භාණ්ඩ ආනයනය සිදුකරන බව හඟවමින් අදාළ මුදල් ප්‍රමාණය මෙරටින් බැහැර කළද භාණ්ඩ මෙරටට ආනයනය කර නොැමැති බව අනාවරණය වීම මත ශ්‍රී ලංකා රේගුවේ අතිරේඛ අධ්‍යක්ෂවරයා විසින් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත්කළ පැමිණිල්ලක් අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ඇරඹීය.

ඒ් අනුව සමාගම් 06 ක් මගින් ව්‍යාජ ලෙස මෙරට ඇමරිකානු ඩොලර් මිලියන 25 ( රු.බිලියන 7.5) ක ප්‍රමාණය බැහැර කර තිබෙන මෙම සැකකරු පිළිබඳව විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇත.

අසත්‍ය ලේඛන සෑදීම, කූඨ ලේඛන සකස් කිරීම, කූඨ ලේඛන ඉදිරිපත් කිරීම, අන් අයෙකු ලෙස පෙනී සිටිමින් රජයට හා බැංකුවට වංචා කිරීම, මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සහ රේගු අඥාපනතේ වැරදි යටතේ මෙම සැකකරුට එරෙහිව ගරු අධිකරණය වෙත චෝදනා ඉදිරිපත් කෙරේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් තවදුරටත් විමර්ශනය ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website