වනජීවීන්ට හා ශාක පද්ධතියට හානි කරන හක්කපටස්, බඳින තුවක්කු, පතරොම් සහ වෙනත් නීතිවිරෝධී උපකරණ භාවිතය හා සන්තකයේ තබා ගැනීම වැළැක්වීම සඳහා, පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ උපදෙස් මත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකරන ඒකාබද්ධ වැටලීම් තවදුරටත් ක්‍රියාත්මකය.
කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ ගොවිපොළක සිදුකළ වැටලීමකදී, මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවක්, පතරොම් තුවක්කුවක් ඇතුළු නීතිවිරෝධී උපකරණ සහ ද්‍රව්‍ය රැසක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ඇතුළු නඩු භාණ්ඩ හෙට (08) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.














