2026 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ (SRS) මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ අවධානම් පිලිබඳ ආකල්ප හා ඒ කෙරෙහි පවතින විශ්වාසය ග්‍රහණය කරගනිමින් 2026 ජූලි 17 සිට 2026 අගෝස්තු 14 දක්වා කාලය තුළ සිදු කරන ලදී
මෙම ප්රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන් තුළ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය, මූල්‍ය පද්ධතියට බලපෑම් ඇති කළ හැකි අවදානම් මූලාශ්‍ර සහ එවැනි අවදානමක් හට ගැනීම පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් හි නිරීක්ෂණ සංක්ෂිප්තයක් ලෙස ඉදිරිපත් කෙරේ. මෙහි ඉදිරිපත් කර ඇති ප්‍රතිඵල, පූර්ණ වශයෙන් සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගේ පිළිතුරු මත පදනම් වී ඇති අතර, එමගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස් පිළිබිඹු නොවේ.
පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණය මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින අවදානම් සහ විශ්වාසය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ප්‍රමාණනය සහ නිරීක්ෂණය කිරීම සිදු වේ. මෙම සමීක්ෂණයේ යාවත්කාලීන කරන ලද නියැදි රාමුව ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු, මුදල් සමාගම්, ප්‍රාථමික අලෙවිකරුවන්, රක්ෂණ සමාගම්, ඒකක භාර කළමනාකරණ සමාගම්, ආන්තික සැපයුම්කරුවන් සහ ප්‍රාරක්ෂකයන්, කොටස් තැරව්කාර සමාගම්, බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්, මූල්‍ය යටිතල පහසුකම් සපයන්නන්, ජංගම දුරකථන පදනම් කරගත් මුදල් සේවා සපයන්නන් සහ ශ්‍රේණිගත කිරීමේ ආයතන වල අවදානම් කළමණාකරණය කිරීම සඳහා වගකිවයුතු , විධායක නිලධාරීන්ගෙන් සමන්විත වේ.
2025 පළමු භාගයේ සිට මෙම සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ඇතුළත් අර්ධ වාර්ෂික ප්‍රකාශන විද්‍යුත් මුලාශ්‍රයක් ලෙස ලබා ගත හැකි අතර, පහත සබැඳිය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා ඊට පිවිසිය හැකිය.
https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publicatio…















