දකුණු පාදය රෝගී වූ වස්ගමුව අලි පැටවාට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව

වස්ගමුව ජාතික උද්‍යානයේදී දකුණු පාදයේ ඉදිමීමක් සහිතව හඳුනාගත් වයස අවුරුදු 4ක් පමණ වන අලි පැටවාට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේය.

වන ජීවීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සෑම උදෑසනකම තොරතුරු ලබාගනිමින් මමද සමීප අවධානයක් යොමු කරමින් සිටින බව කී අමාත්‍යවරයා ඉදිරියටත් අලි පැටවා සමීපව නිරීක්ෂණය කරමින්, සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අඛණ්ඩව අවධානය යොමු කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website