අධිකරණය මගහැර සිටින තැනැත්තන්ගේ දේපළ තහනම් කිරීමේ නීතිය මෙන්න ! – පොලිසියෙන් දැනුවත් කිරීමක්

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව අධිකරණයක් මගින් නිකුත් කරන ලද වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වන පරිදි සැඟවී සිටින හෝ මගහැර සිටින තැනැත්තන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට අධිකරණයට බලතල ඇති බව ශ්‍රී ලංකා පොලිසිය විසින් අද (02) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ, වරෙන්තු ලැබූ තැනැත්තකු අධිකරණය මගහැර සිටින බවට තහවුරු වන විටකදී, දින 30 කට නොඅඩු කාලයකදී නියමිත ස්ථානයක හා වේලාවක පෙනී සිටින ලෙස නියම කරමින්  අධිකරණය මගින් ලිඛිත ප්‍රකාශනයක් නිකුත් කළ හැකිය. (අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 වගන්තිය)

ප්‍රකාශනය නිකුත් කිරීමෙන් පසුව ද අධිකරණය හමුවේ එම තැනැත්තා පෙනී නොසිටින්නේ නම්, එම තැනත්තාට අයත් චංචල හෝ නිශ්චල දේපළ තහනම් කිරීමේ ආඥාවක් නිකුත් කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 61 වගන්තිය ප්‍රකාරව අධිකරණයට හැකියාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website