දරුවන්ට වස විසෙන් තොර පලතුරු ලබාදීමේ ජාතික වැඩපිළිවෙළ ඇරඹේ: රට පුරා දැනුවත් කිරීම්

වස විස පිරුණු ලෝකයක වස විසෙන් තොර වෙළෙඳපොළක් ගොඩනැගීමේ පළමු ජාතික වෑයම ලෙස අදට (01) යෙදුණ ලෝක ළමා දිනයට සමඟාමීව “වස විසෙන් තොර පලතුරු දරුවන්ට” විශේෂ ජාතික වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කිරීම සිදුකෙරිණ.

කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහා නිවැරදි තාක්ෂණික ක්‍රමවේද තිබුණත්, වැඩි ලාභය සහ පහසුව අරමුණු කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත නොවන ක්‍රමවේද යොදාගනිමින් සහ ඇතැම් අහිතකර රසායනික යොදා ගනිමින් පලතුරු ඉදවීම සිදුකරන අවස්ථා ගෙවුණු වසර කිහිපය පුරාම කෘෂි බිමේත්, වෙළෙඳපොළේත් බොහෝවිට දකින්නට ලැබීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. මේ තත්ත්වයට තිත තබන්නට දැන් කාලය එළැඹ තිබේ.

පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පසු අස්වනු කළමනාකරණ ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ආහාර පාලන පරිපාලන ඒකකය, හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍ය සංගමය ඇතුළු ආයතනවල සාමුහික ප්‍රයත්නයක් ලෙස ” වස විසෙන් තොර පලතුරු දරුවන්ට” විශේෂ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඉදිරි සැලසුම් ප්‍රකාශයට පත් කෙරිණ.

සෞඛ්‍ය ආරක්ෂිත නිවැරදි ක්‍රමවේද යටතේ පලතුරු ඉදවීම සිදුකරන වෙළෙඳුන් ප්‍රමිතිකරණයට ලක් කර ශ්‍රේණිගත කරමින්, ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට වැරදි ක්‍රමවේද භාවිත කරමින් සහ අහිතකර රසායනික යොදා ගනිමින් පලතුරු ඉදවීම සිදුකරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති හා රෙගුලාසි සම්පාදනය සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හරහා සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website