රජයේ රුපියල් බිලියන 40.65ක ඉන්ධන සහනාධාරය ඩීසල් වෙනුවෙන් පමණයි – කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ඉන්ධන සහනාධාරයක් ලබාදීම වෙනුවෙන් රජය රුපියල් බිලියන 40.65ක සහනාධාරයක් ලබා දුන්න ද එම සහනාධාරය හිමිවන්නේ ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා පමණක් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ජාත්‍යන්තර ඉන්ධන මිල ඉහළ යාම දේශීය පාරිභෝගිකයින් මත සම්පූර්ණයෙන් පැටවීම වැළැක්වීම මෙහි අරමුණ බව ද අමාත්‍යවරයා පැවසුවේය.

මේ අතර කැබිනට් ප්‍රකාශකයරයා අවධාරණය කළේ රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවයි. ජාත්‍යන්තර ඛනිජ තෙල් මිල ඉහළ යාම මධ්‍යයේ ඉදිරි මාස තුන තුළ තවත් රුපියල් බිලියන 40.65 ක ඩීසල් පිරිවැයක් දැරීමට රජය පියවර ගෙන ඇති බැවින් කිසිම ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට අමාත්‍යවරයා සහතික වුණේය.

“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අනෙකුත් ඉන්ධන සමාගම් දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් තොග ආනයනය කර තිබෙනවා. ඒ නිසා මහජනතාවට ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට අවශ්‍යතාවයක් නැහැ,” ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website