පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා අභියාචනාධිකරණය අද (29) වරෙන්තුවක් නිකුත් කළ අතර උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
ඔක්තෝබර් 1 වන දින පූජ්‍ය ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝගයෙන් නියම කරන ලද අතර පොලිස්පතිවරයා හරහා මෙම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය වැඩි දුරටත් නියෝග කළේය.













