ට්‍රම්ප් ඉරානයේ නව යෝජනා ප්‍රතික්ෂේප කිරීම සමඟ බොරතෙල් මිල යළි ඉහළට

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ ටෙහෙරානයේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අද (28) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.48ක් දක්වා ඉහළ ගිය අතර එය 4%ක වැඩිවීමකි.

CNBC වාර්තාවකට අනුව, “ඔවුන් යෝජනාවක් ඉදිරිපත් කළ නමුත් මම එය ප්‍රතික්ෂේප කළෙමි” යනුවෙන් ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා වාර්තාකරුවන්ට පැවසුවේය.

මීට පෙර ට්‍රම්ප් ඉරානයේ අභිප්‍රේරණය සෘජු වචනවලින් ඉදිරිපත් කරමින්, ‘ඉරානය මිය යමින් පවතින බවත් ඔවුන්ට මුදල් එන්නේ නැති” බවත් පැවසීය. “ඔවුන් තමන්වම අභිබවා ගියා,” ට්‍රම්ප් තවදුරටත් පැවසීය.

“ඔවුන් කිව්වා, ‘අපි ඒක වසා දමා ලෝකයට ප්‍රශ්නයක් ඇති කරමු’ කියලා. “මමත් ආවා, අපි හමුදා ඉතිහාසයේ මෙතෙක් සිදු වූ විශාලතම අවහිර කිරීම සිදු කළා.” ට්‍රම්ප් තව දුරටත් පැවසුවේය.

නම් නොකළ ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නලය පසුගිය සෙනසුරාදා වාර්තා කළේ ට්‍රම්ප් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් නොවැම්බර් මාසයේ මධ්‍ය කාලීන මැතිවරණයෙන් පසු ඉරානයට එරෙහි ඇමරිකානු ප්‍රහාර නැවත ආරම්භ වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඔහුගේ සහායකයින්ට පැවසූ බවයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිකුරාදා නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී මෙම යෝජනාව එළිදැක්වූ අතර එහිදී ඔහු අතුරු රැස්වීම්වලට සහභාගී විය.

ඉරාන සැලැස්ම යටතේ, එක්සත් ජනපදය කොන්දේසි මාලාවක් සපුරාලන්නේ නම්, ඉරානය සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර දින හතක් ඇතුළත න්‍යෂ්ටික සාකච්ඡා නැවත ආරම්භ කරනු ඇත – එක්සත් ජනපද මිලිටරි ප්‍රහාර අවසන් කිරීම, නාවික අවහිරතා සහ ආර්ථික සම්බාධක ඉවත් කිරීම සහ ඉරාන වත්කම් නිදහස් කිරීම ඉරානයේ ප්‍රධාන කොන්දේසි අතර විය.

නිල මැදිහත්වීමේ ක්‍රියාවලිය හරහා ටෙහෙරානයට තවමත් කිසිදු විධිමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව අරග්චි පැවසීය, වොෂින්ටනයේ අවසාන ස්ථාවරය සම්බන්ධයෙන් අතරමැදියෙකු ලෙස සේවය කර ඇති කටාර් වෙතින් ඉරානය තවමත් වචනයක් බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහු සඳහන් කළේය.

අතරමැදියන් හරහා සාකච්ඡා හොඳින් සිදුවන නමුත් ගිවිසුමක් ඇති කර ගැනීමේ හදිසියක් වොෂින්ටනයට නොපෙනුණු බව එක්සත් ජනපද නිලධාරියෙක් සිකුරාදා එන්බීසී ප්‍රවෘත්ති වෙත පැවසීය. “හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඉතා ශක්තිමත් ස්ථානයක සිටී,” එම නිලධාරියා පැවසුවේ පසුගිය පැය 48 තුළ තෙල් බැරල් මිලියන 40කට ආසන්න ප්‍රමාණයක් ජල මාර්ගය හරහා ගමන් කර ඇති බව පෙන්වා දෙමිනි.

පෙබරවාරි 28 වන දින ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට පෙර, ගෝලීය තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ දිනකට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගලා ගිය බව අල් ජසීරා වාර්තා කරයි. යුද්ධය ආරම්භයේ සිට ජල මාර්ගයේ වාණිජ නැව්ගත කිරීම පහත වැටී ඇත. සමුද්‍රීය බුද්ධි වේදිකාවක් වන මැරීන් ට්‍රැෆික්ට අනුව, සැප්තැම්බර් 21 සහ 27 අතර කාලය තුළ සමුද්‍ර සන්ධියේ නැව් ගමන් 132 ක් දක්නට ලැබුණු අතර එය සතියකට පෙර වාර්තා වූ නැව් ගමන් 116 ට වඩා වැඩි දියුණුවකි.

මධ්‍ය කාලීන මැතිවරණයෙන් පසු එක්සත් ජනපද-ඉරාන සතුරුකම් නැවත ආරම්භ වීමේ අවදානමක් පවතින බව CNBC වාර්තා කරයි. මේයර් රිසෝසස් හි ප්‍රධාන විධායක නිලධාරී කොර්නේලියා මේයර් පැවසුවේ “බොහෝ රටවල් ඔවුන්ගේ ඉන්වෙන්ටරි වලින් ජීවත් වන” බවත් වෙළඳපල මෙම අනතුර සැබෑ හා ක්ෂණික ලෙස සලකන බවත්ය. මැතිවරණයෙන් පසු ගැටුම ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ට්‍රම්ප් මේ මස මුලදී පවසා තිබූ අතර, එම අවස්ථාවේ තෙල් මිල පහත වැටීමට හේතු වූ ප්‍රකාශයකි.

නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ඇමරිකානු සහ ඉරාන නියෝජිතයින් පැය තුනක් තිස්සේ හමුවූ බවත්, එය “ඉතා හොඳ රැස්වීමක්” බවත්, ටෙහෙරානය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට හෝ රට “සමූලඝාතනය” කිරීමට යන බවට “විශාල තීරණයකට” මුහුණ දුන් බවත් ට්‍රම්ප් අඟහරුවාදා වාර්තාකරුවන්ට පැවසීය.

සී.එන්.එන්. ඇසුරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website