උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව – පේරාදෙණිය අතර සහ පේරාදෙණිය – ගම්පොළ අතර දෛනික දුම්රිය සේවා ඔක්තෝබර් 2 වන දින සිට සාමාන්‍ය කාලසටහනට අනුව නැවත ආරම්භ කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් වෙමින් තිබෙන බව සඳහන් කළ දුම්රිය දෙපාර්තමේන්තුව රඹුක්කන සහ ගම්පොළ අතර ස්ථාන 103 ක් සුළි කුණාටුවේදී හානි වූ බව ද පැවසීය.
හානිවලට ප්‍රධාන නායයෑම් 36ක් ඇතුළත් වූ අතර, තවත් ස්ථාන 67ක් පස් කඳු කඩා වැටීම් සහ දුම්රිය මාර්ගයේ කොටස් ගසාගෙන යාමෙන් විනාශයට පත්විය.














