22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අද වන අතර අදාළ පනත් කෙටුම්පත් සඳහා ඡන්ද විමසීම අද (25) සවස පැවැත්වීමට නියමිතය.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) ආරම්භ විය.
පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පසුගිය අඟහරුවාදා (22) කථානායක ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.














