රිදී විහාරය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක්

ඓතිහාසික කුරුණෑගල රිදී විහාරය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ යෝජනාව පිළිබඳ මූලික සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සංචාරක ආකර්ෂණය දිනා ඇති රිදී විහාරය කේන්ද්‍ර කරගනිමින්, එහි පෞරාණික අනන්‍යතාවය හා ඒ ආශ්‍රිත පාරිසරක පද්ධතිය සුරැකෙන පරිදි විධිමත් ‍ සංවර්ධන සැලසුම් සකස් කර ‍සංචාරක ආකර්ෂණය තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

මේ අනුව අදාළ පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් කෙටි කාලයක් තුල සැලසුම් සකස් කර ඉදිරි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමටද මෙහිදී තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website