හෙරොයින්, ගිනි අවි හා ජීව පතරොම් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

2026.09.12 දින බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 600 ක් සමග කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අළුත්කඩේ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා දින 07ක රැඳවුම් නියෝග ලබා ගෙන විමර්ශන සිදු කරමින් පවතී.

එම සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු මත 2026.09.18 දින වැලිවේරිය පොලිස් වසමේ වෑබඩ ප්‍රදේශයේදී මෙම සැකකරුට මත්ද්‍රව්‍ය සැපයීම සිදු කරන ලද තවත් සැකකරුවෙකු පහත සඳහන් දේපල සමඟ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 29 ක් වන වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් දේපළ පහත දැක්වේ –

  • හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 05 ක්
  • මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවි 05 ක්
  • මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවි 02 ක්
  • ටී56 ගිනි අවියට භාවිතා කරන පතරොම් ගැබ් 04 ක්
  • • ටී56 පතරොම් 95 ක්
  • • විවිධ ප්‍රමාණයේ ජීව පතරොම් 436 ක්
  • • අත්විලංගු 02ක්

සැකකරු 2026.09.19 දින අළුත්කඩේ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා දින 07 ක් රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website