2027 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) ඊයේ (21) ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් මස 7 වන දින සිදුකිරීමට නියමිත අතර විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් 12 වන දින සිදුකිරීමට නියමිතය.

අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් මස 13 වන දින සිට 20 වන දින දක්වා පැවැත්වීමට  නියමිත අතර කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 21 වන දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

2027 මුදල් වර්ෂය සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් හාරදහස් නවසිය අනූ දෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූඅට දහසක් වශයෙන් ඇස්තමේන්තු කර තිබේ.

2027 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website