සයිබර් අපරාධ සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක්

ජාතික ආරක්ෂාව මෙන්ම ආයතනික වශයෙන් අභ්‍යන්තර තොරතුරුවල ආරක්ෂාව සඳහා රජය මගින් ක්‍රියාවට නංවා තිබෙන සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා පොලීසිය තුල ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ( Sri Lanka CERT) ආයතනය හා එක්ව දිවයින පුරා පොලිස් කොට්ඨාස දැනුවත්කිරීමේ සයිබර් ආරක්ෂණ වැඩමුළු පවත්වයි.

2026.09.16 වන දින බණ්ඩාරවෙල කොට්ඨාසයයේ පැවැත්වූ වැඩමුළුව සඳහා එම කොට්ඨාසයේ රාජකාරි නියුතු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන්, අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්, ළමා හා කාන්තා කාර්යංශ ස්ථානාධීපතිවරියන් ඇතුළු පොලිස් කාර්යාලීය රාජකාරි ඉටුකරන පරිගණක ක්‍රියාකරුවන් 108 දෙනෙකු පමණ පිරිසක් සම්බන්ධකරගන්නා ලදී.

CERT ආයතනය නියෝජනය කරමින් එහි සයිබර් ආරක්ෂණ හා ධාරිතා ප්‍රවර්ධන කළමණාකරු තිළිණ දිසානායක මහතා, තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු දුලාර ප්‍රමෝද් මහතා මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක එච්.කේ.ඊ හර්ෂක මහතා විසින් මෙම වැඩමුළුවේ දේශන පවත්වා තිබේ.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි, පොලිස් පර්යේෂණ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනී නිෂානි සෙනවිරත්න මහත්මියගේ මෙහෙයවීම යටතේ, පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජී ලක්සිරි ගීතාල් මහතා විසින් මෙම වැඩමුළු මාලාව දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයක්ම ආවරණය වන පිරිදි පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website