
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (20) සවස නිකුත් කරන ලද නිවේදනයක් මඟින් මහවැලි ගඟ ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
මහවැලි ගංඟාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ගඟඉහළ කෝරළය, උඩපළාත, දොළුව, උඩුනුවර, යටිනුවර, ගඟවට කෝරළය, හාරිස්පත්තුව, පාතදුම්රිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මහවැලි ගඟඅවට පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.












