පොලිසියට අල්ලස් දීමට තැත් කළ වැලි ටිපර්කරුවන් 05ක් අත්අඩංගුවට

කිලිනොච්චිය පොලිස් වසමේ පරන්තන් මාර්ග බාධකයේදී කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වව්නියාව සිට යාපනය දක්වා ධාවනය වූ වැලි ටිපර් රථවල බලපත්‍ර පරීක්ෂා කිරීමේදී භූ විද්‍යා හා පතල් කාර්යංශය මඟින් නිකුත් කරනු ලබන වැලි ප්‍රවාහන බලපත්‍රයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලබන තීරුව අත්සන් නොකර සිටිමට පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සහා කිරීමේ චෝදනා මත සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (19) අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අවුරුදු‍ 28, 29, 40 හා 49 වයස්වල පසුවන වව්නියාව, රාමනාදපුරම්, ධර්මපුරම්, ආනන්දපුරම් හා පුලෝලී ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් කිලිනොච්චිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026.09.21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website