දිවයිනේ දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 35කට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (07) දිනය වන විට පවුල් 35,169කට අයත් පුද්ගලයින් 115,586 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජල හිඟයට මුහුණ පා සිටින පවුල් 34,628ක පුද්ගලයින් 113,406 දෙනෙකුට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය හරහා අඛණ්ඩව පානීය ජලය බෙදා හැරීම සහතික කිරීමට පියවර ගෙන ඇති බව ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.















