ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (01) පෙරවරු 10.00ට ආරම්භ කළේය.
අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාග වන අතර, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් ද මෙම පංච පුද්ගල විනිසුරු මඬුල්ලට අයත් වේ.
22 වන සංශෝධනය අභියෝගයට ලක්කරමින් පෙත්සම් 67ක් ඉදිරිපත් කර ඇති අතර අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 05ක් ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වේ.













