ඩීසල් මිල පහළ නොදැම්මේ ඇයි ? – විදුලි පාරිභෝගික සංගමය රජයෙන් ප්‍රශ්න කරයි

ඉන්ධන වෙළඳපොළේ තරඟකාරිත්වය වැඩිවීම තුළින් පාරිභෝගිකයින්ට සහනයක් ගෙන දෙන බවට රජය පොරොන්දු වුව ද  ඩීසල් මිල නොවෙනස්ව පවතින්නේ මන්දැයි විදුලි පාරිභෝගික සංගමය රජයෙන් ප්‍රශ්න කරයි.

විදුලි පාරිභෝගික සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ ඉන්ධන වෙළඳපොළේ තරඟකාරිත්වයක් ඇති කිරීම සහ අවසානයේ පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීම අරමුණු කරගත් පියවරක් ලෙස රජය එම සමාගම් තුනේ ඇතුළත් වීම ඉදිරිපත් කර ඇති බවයි. රජය පොරොන්දු වූ පරිදි මෙම සමාගම් තුන අතර තරඟයක් නොපවතින බව කී ධම්මක මහතා සියලුම සමාගම් එකම මිලකට ඉන්ධන අලෙවි කරන බව ද පෙන්වා දුන්නේය.

“අපිට මේ සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න තිබෙනවා. ඩීසල් කියන්නේ ප්‍රවාහනය සහ විදුලි බලය නිෂ්පාදනයට ප්‍රමුඛය භාවිතා කරන ඉන්ධනය. නමුත් නවතම ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල පහත දමා නැහැ. රජය සැමවිටම පවසන්නේ ඔවුන් පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීමට පියවර ගන්නා බවයි. නමුත් රජය ක්‍රියාවෙන් ඒක කරන්නේ නැහැ” විදුලි පාරිභෝගික සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website