බැටරි බලශක්ති ගබඩා පද්ධති සම්බන්ධයෙන් බරපතළ අවුලක් – ජාතික පද්ධති ක්‍රියාකාරු

2027 වසර වන විට සූර්ය බලශක්තිය සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage System – BESS) ධාරිතාව ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ නියෝගය වහාම ක්‍රියාත්මක කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරුට (National System Operator – NSO)ට නොහැකි වී ඇති බව එහි සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා මහතා Sunday Morning පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවකදී හෙළිකර ඇත.

සවිස්තරාත්මක ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම් සහ ලියකියවිලි නොමැතිකම මීට හේතු වී ඇති බව ඔහු පැවසුවේය.

2027 මාර්තු වන විට BESS සමඟ අවම වශයෙන් මෙගාවොට් 450ක සූර්ය PV ධාරිතාවක් විදුලි පද්ධතියට එකතු කරන බව ජාතික පද්ධති ක්‍රියාකාරු සහතික කරන ලෙසට මෙම සතියේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නියෝගයක් පිළිබඳ Sunday Morning කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම ප්‍රකාශ කර ඇත.

2027 පළමු කාර්තුව තුළ පුරෝකථන ධාරිතා හිඟය පියවා ගැනීමට සහ ධාරිතා හිඟයන් නිසා ඇතිවන නියමිත විදුලි බාධා කිරීම් නොමැතිව උපරිම ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ධාරිතාවක් සහතික කිරීමට මෙම පියවර අදහස් කෙරේ.

නියාමන නියෝගය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය පෙරේරා පැවසුවේ NSO හට මූලික තීරණය පමණක් ලැබී ඇති නමුත් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික මාර්ගෝපදේශ නොමැති බවයි.

“අපට ලැබී ඇත්තේ තීරණය පමණයි. එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ විස්තර අපට තවමත් ලැබී නැහැ,” ආචාර්ය පෙරේරා පැවසුවේ, NSO ආයතනය බලශක්ති අමාත්‍යාංශයෙන් විධිමත් උපදෙස් සහ පැහැදිලි කිරීම් ඉල්ලා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website