තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ යාමත් සමඟ පරාටා සහ බිත්තර රොටී ඇතුළු පිටි ආශ්‍රිත කෙටි ආහාරවල මිල රුපියල් 5කින් සහ ඉඳි ආප්ප රුපියලකින් සහ ආප්ප රුපියල් 2 කින් වැඩි කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන සඳහා විය හැකි මිල වැඩි කිරීම් පිළිබඳව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ලබන සඳුදා සකාච්ඡා කිරීමට නියමිත බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
මේ සම්බන්ධයෙන් ‘රතුඉර’ සමඟ අදහස් දැක්වූ පාරිභෝගිකයින් කිහිප දෙනෙකු පැවසුවේ මේ මිල ඉහළ දැමීම හාස්‍යජනක මෙන්ම දැඩි අසාධාරණ එකක් බවයි. පාන්පිටි කිලෝවකින් ඉදි ආප්ප සිය ගණනක් ද ආප්ප විශාල ප්‍රමාණයක් ද නිෂ්පාදනය කළ හැකි බව පෙන්වා දුන් ඔහු රුපියල් 17කින් තිරිගු පිටි කිලෝවක මිල ඉහළ යන විට ඊට මුවා වී ව්‍යාපාරිකයින් දැවැන්ත ලාභයක් උපයා ගැනීම ගැන පාරිභෝගික කටයුතු අධිකාරිය අවධානය යොමු කළ යුතු බව ද ඔවුහු පැවසූහ.















