ගල්කිස්සේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

2026.08.15 දින ගල්කිස්ස පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව 2026.08.18 වන දින සවස වත්තල පොලිස් වසමේ ලැගුම් හලක නවාතැන් ගෙන සිටි මෙම මනුෂ්‍ය ඝාතනයේ ප්‍රධාන සැකකරු සහ එදිනම රාත්‍රී කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේදී මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු හා සැකකාරියක් රිවෝල්වර් අවියක්, එම ජීව පතරොම් 12 ක් සහ හිස් පතරොම් කොපු 06 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 32, 35 සහ 28 වයස්වල පසුවන කොළඹ 14, කොළඹ 12, දළුපොත හා සැකකාරිය අවුරුදු 28 ක් වන කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website