VAT Invoice ආකෘතිය ඔක්තෝබර් 01වැනි දා සිට ක්‍රියාත්මකයි – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

VAT ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් 01වැනි දා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ව්‍යාජ ඉන්වොයිස් භාවිතය වැළැක්වීම, ගනුදෙනු පිළිබඳ ව නිසි කාලයට නිරීක්ෂණය කිරීමේ හැකියාව සහ බදු කාන්දු වීම අවම කිරීම මෙහි අරමුණ වේ.

ඩිජිටල් බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ බදු ජාලයේ විනිවිද භාවය ඉහළ නැංවීමේ අරමුණින් 2026 මාර්තු 27 වන දින මෙම නව ඉන්වොයිස් ආකෘතිය ප්‍රකාශයට පත් කරනු ලැබූ බව ද දෙපාර්තමේන්තුව පැවසුවේය.

අගය මත බදු (VAT) ඉන්වොයිස් ආකෘතිය නිකුත් කිරීම ජුලි මස 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද ව්‍යාපාරිකයින්ට සහ බදු ගෙවන්නන්ට පද්ධති සූදානම් කර ගැනීමට සහන කාලයක් ලබා දීමේ අරමුණින් එය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 01 වැනිදා දක්වා කල් දැමීමට දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

ඔක්තෝබර් 01 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි නියමිත පිරිවිතරයන්ට අනුකූලව සිය ගිණුම්කරන සහ බිල්පත් පද්ධති සකස් කර ගන්නා ලෙස අදාළ ව්‍යාපාරිකයින්ට දැනුම් දී ඇති බව ද  දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website