මහනුවර ඇසළ මහා පෙරහැර සමයේ විශේෂ රථවාහන සැලසුමක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක්

අගෝස්තු 18 සිට 27 දක්වා මහනුවර ඇසළ පෙරහැර පුරාවට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

මේ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,200ක්, විශේෂ කාර්ය බළකා නිලධාරීන් 564ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,200 ක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් 29ක් අනුයුක්ත කරන බවයි පොලිසිය පවසන්නේ.

මෙම දිනවල මහනුවරට ඇතුළුවන ස්ථාන 14ක මාර්ග බාධක යොදා ඇති බවත් වාහන නැවැත්වීමේ ස්ථාන 13ක් නම් කර ඇති බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරය මඟ හැරීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද මෝටර් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website