ග්‍රාම නිලධාරීන් හෙට (10) සහ අඟහරුවාදා (11) දිනවල අසනීප නිවාඩු වාර්තා කිරීමට සහ සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙන බව ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේය.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.
ගමන් දීමනාව වැඩි නොකිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා ලද බව කී රණසිංහ මහතා ග්‍රාම නිලධාරීන්ට ගෙවනු ලබන රුපියල් 600 ක ගමන් දීමනාව පසුගිය වසර අට තුළ වැඩි කර නොමැති බව ද පැවසුවේය.
“පවතින ගමන් දීමනාව වෙනුවට ඉන්ධන ලීටර් 20ක පිරිවැයට සමාන දීමනාවක් ලබා දීමට 2024 දී කැබිනට් අනුමැතිය ලබා දුන්නත් එම නියෝග්ය තවමත් ක්‍රියාත්මක කර නැහැ. ඒ අනුව අනුමත දීමනාව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් සහ ග්‍රමා නිලධාරීන්ගේ අනෙකුත් ඉල්ලීම් දිනා ගැනීම සඳහා බලපෑම් කිරීම සඳහා දින දෙකක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කිරීමට අපි තීරණය කළා” ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.













