වැලිගම, පරණ කඩේ වෙරළ තීරයේ රළ පැදීමේ යෙදී සිටිය දී ඊයේ (08) අතුරුදහන් වූ බව කියන ටියුනීසියානු ජාතික සංචාරකයාගේ මළ සිරුර අද (09) උදෑසන එම වෙරළට ගොඩගසා තිබියදී සොයා ගන්නා ලද බව වැලිගම පොලිසිය පැවසුවේය.
මිය ගිය සංචාරකයා 21 හැවිරිදි වියේ පසුවන බව ද පොලිසිය පැවසුවේය.
මෙම සංචාරකයා අතුරුදන් වූ වහාම පොලිස් ජීවිතාරක්ෂකයින්, වෙරළාරක්ෂක නිලධාරීන් සහ පෞද්ගලික කිමිදුම්කරුවන් සෝදිසි මෙහෙයුමක් දියත් කළ නමුත් ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.














