මෙරට තුළ ක්‍රියාත්මක වන බලපත්‍ර රහිත සූදු වෙබ් අඩවි 146කට ප්‍රවේශ වීම අවහිර කරන ලෙස ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ සේවා සපයන්නන්ට උපදෙස් දී ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් මහතා පැවසුවේය.
ඊයේ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 24කට ප්‍රවේශ වීම අවහිර කළ බවත් අද (06) තවත් අඩවි 122කට ප්‍රවේශ වීම අවහිර කළ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
අනවසර සූදුව මර්දනය කිරීමේ කොටසක් ලෙස ලොව විශාලතම ඔට්ටු ඇල්ලීමේ අඩවි කිහිපයක් ඇතුළුව, ශ්‍රී ලංකාව මාර්ගගත ඔට්ටු ඇල්ලීමේ අඩවි 24කට ප්‍රවේශ වීම අවහිර කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය බදාදා නිවේදනය කළේය.














